“වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමනයි.”

“වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමනයි.”

මේ ධර්මතාවය ලොකු කුඩා කාටත් පොදු දෙයක්. දළ සේයා පට භාවිතයෙන් ඡායාරුප ලබා ගත හැකි කැමරා නිෂ්පාදනය කළ කොඩැක් සහ ෆූජි ෆිල්ම්ස් ආයතන වලටත් මේ ධර්මතාවය පොදු ධර්මතාවයක් බවට පත් වුනා. කුඩා කැමරාවකට අවශ්‍ය වේලාවට දළ සේයා පටයක් යොදාගෙන ඡායාරූප ලබා ගැනීමත් එම දල සේයා පට ස්ටුඩියෝ එකකට දීලා ඡායාරූප මුද්‍රණය කර ගැනීමේ ක්‍රමවේදය තමයි ඒ වන විට ලොව පුරා භාවිතා වුනේ. කොඩැක් සහ ෆූජි ෆිල්ම්ස් ආයතන වල මූලික අවධානය යොමු වුණේ කැමරා විකිණීමෙන් ලබන ආදායමට වඩා දෛනිකව දළ සේයා පට සහ ඡායාරූප මුද්‍රණයට අවශ්‍ය සේවා සැපයීමෙන් ලබන ආදායම පිළිබඳවයි. ඒ නිසාම ඔවුන් ඉතා අඩු මිල ගණන්වලට පවා කැමරා මාදිලි වෙළඳපොලට නිකුත් කලේ ඉන් ලැඛෙන ලාබයට වඩා වැඩි ලාබයක් දළ සේයාපට වලින් වලින් සහ ඒවා මුද්‍රණයෙන් ලබන්න පුලූවන් නිසා.

නමුත් ආරම්භයේදි කිව්වා වගේම ඡායාරූප ගැනීමේ කලාවටත් වෙනස් වීම කියන ධර්මතාවයට මුහුණ දෙන්්න සිද්ධ වුණා. ඒ වනවිට ඩිජිටල් තාක්ෂණය ටිකෙන් ටික කරලියට අවතීර්ණ වෙමින් තිබුණු අවධිය.ඒ එක්කම ඩිජිටල් කැමරාව වෙළඳපල ආක්‍රමණය කරන්න පටන් ගත්තා. පැරණි ක්‍රමවේදයේ කැමරා වලට සාපේක්ෂව අලූත් ඩිජිටල් කැමරාවල නවීන පහසුකම් රාශියක් අන්තර්ගත වුණා. නමුත් කොඩැක් සහ ෆූජි ෆිල්ම්ස් ආයතන මේ දේවල් ඒ තරම් ගනනකට ගත්තේ නැහැ. ඒ වන විට කැමරා ලෝකයේ පතාක යෝදයන් වුනු තමන්ට මේ කිසිවකින් බලපෑමක් නොවන බව ඔවුන් දැඩිව විශ්වාස කළා. නමුත් යථාර්ථය තේරුම් ගන්න කොට ඔවුන් ප්‍රමාද වැඩියි.ඩිජිටල් කැමරාවේ වෙළදපල ව්‍යාප්තිය එක්ක ඔවුන්ගේ ආදායම ඇස් ඉදිරියේම ටිකෙන් ටික කඩා වැටෙන්නට වුණා. අවසානයේ කැමරා ලෝකයේ අංක එකේ වෙළඳ නාමය වුනු කොඩැක් ආයතනයට සිදුවුනේ තමන්ගේ බංකොලොත් භාවය හමුවේ පරාජය භාරගන්න.

නමුත් ෆූජි ෆිල්ම්ස් ආයතනය තමන් අනාගතයේ මුහුණ දෙන්න යන ව්‍යසනය මුලදීම හඳුනාගන්න පුලූවන් වුනා.ඔවුනුත් ඩිජිටල් ලෝකයට අවතීර්න වෙන්න උත්සාහ කළාට ඒ වනවිට වෙලඳපල මුල් බැසගෙන තිබුනු ඩිජිටල් කැමරා නිෂ්පාදන එක්ක තරගයක් දෙන්න ඔවුන්ට පුලූවන් කමක් තිබ්බේ නැහැ.දිගින් දිගටම ලබන පාඩු හමුවේ ඔවුන් වෙනස් වෙන්න තීරනය කලා.

ජීවිතයේ ලබන ඇද වැටීම් හමුවේ බොහෝ දෙනා කරන්නේ තමන් මෙතෙක් කරගෙන ආපු දේ අත හැරලා අලූත් දෙයක් පටන් ගන්න එක. හැබැයි ෆූජි ෆිල්ම්ස් ආයතනය මුලින්ම කලේ තමන් සතුව තිඛෙන වටිනාකම් සහ හැකියාවන් තේරුම් ගන්න එක. ඒ නිසා ඔවුන් මුලින්ම තමන් වෙතටම හැරුණා. වසර ගණනාවක් තිස්සේ රසායනික නිෂ්පාදන 20,000ක් පමණ නිර්මාණය කරලා තිබුනු ඔවුන් වටහා ගන්නවා ඔවුන් සතු වටිනාම සම්පත ඔවුන්ගේ පරීක්ෂණ සහ නවෝත්පාදන අංශය කියලා. ඔවුන් ඒ ක්ෂේත්‍රය ඔස්සේ තමන්ගේ නව ගමන ආරම්භ කරනවා. ඒ ඹෟෂධවේදය, සෞඛ්‍ය සත්කාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින්. ඒ අතරම ඔවුන්ට XEROX මුද්‍රන යන්ත්‍ර ආයතනය සමග ගොඩ නගා ගත් ව්‍යාපාරික සහයෝගීතාවයකුත් තිඛෙනවා.

ඔවුන්ගේ ඖෂධ පරීක්ෂන සහ නවෝත්පාදන අංශය අද වනවිට පිලිකාව, ඇල්සමයිර් රෝගය සඳහා ඖෂධ නිෂ්පාදනයට පරීක්ෂණ කිරීම ජාන චිකිත්සාව සහ වෙනත් වෛරස සඳහා එන්නත් වර්ග නිෂ්පාදනය පිළිබඳව පරීක්ෂණ කරනවා. COVID -19 වෛරසය සඳහා යෝජිත AVIGAN ඖෂධයත් ඔවුන්ගේ නිෂ්පාදනයක්.

අවසානය සනිටුහන් වුනේ ෆූජි ෆිල්ම්ස් ආයතනයට වඩා දස ගුනයක ආදායමක් තිබූ කොඩැක් ආයතනය වල පල්ලට යද්දී ෆූජි ෆිල්ම්ස් ආයතනය අදටත් විරාජමානව වැජඛෙමින්. වසර 2017 වන විට ෆූජි ෆිල්ම්ස් ආයතනයේ වාර්ෂික ආදායමෙන් සාම්ප්‍රදායික කැමරා විකිණීමෙන් ලැඛෙන ආදායම 1% ක වගේ ප්‍රමානයක්. නමුත් තමන්ගේ මූලාරම්භය අමතක නොකරපු ඔවුන් නැවතත් කැමරා ලෝකය ආක්‍රමණය කරන්න සැලසුම් කරනවා. නවෝත්පාදන හැකියාවෙන් සහ මූල්‍ය හැකියාවෙන් අද වනවිට ඉදිරියෙන්ම සිටින ඔවුන්ට එය විශාල අභියෝගයක් වෙන එකක් නැහැ.

ජීවිතේ ප්‍රශ්න නැති කෙනෙක් නැහැ. මුලින්ම වැදගත් වෙන්නේ තමන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුම් ගන්න එක. ඒ වගේම ඒ ප්‍රශ්නේ ගැන හිතමින් ආතතියට පත් වෙනවාට වඩා තමන්ට අවශ්‍ය විසඳුම මොකක්ද කියලා හිතන එක.අපි ප්‍රශ්නයක් ආපුවාම අමතක කරන වැදගත්ම දේ සෑම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා කියන එක. ප්‍රශ්නෙන් අයින් වෙලා අවශ්‍ය විසඳුම ගැන හිතන්න. එතකොට ඔබට තේරෙන්න ගන්නවා විසඳුමට අවශ්‍ය සියලූ සම්පත් ඔබ ගාවම තියෙනවා කියලා. ලෝකේ වෙනස් නොවෙන දේවල් නැහැ.වඩා වැදගත් වෙන්නේ වෙනස් වෙන්න අවශ්‍ය විටදි වෙනස් වෙන්න සූදානම් වීම.අපි මේ මුහුණ දීලා ඉන්න අවස්ථාවත් අපිට අපි ගැන හිතන්න හොඳ අවස්ථාවක් දුන්නා.නිදහසේ හිතන්න.වෙනස් වෙන්න ඕනි තැන් වෙනස් කරගන්න.

පුබුදු එරත්න
Certified Life Coach
Certified Trainer

#Trainer #Coach #Motivation #NLP #Life_Coaching